පවතින කොවිඩ් 19 වසංගත තත්වයෙන් ජනතාව ආරක්ෂාකරගැනීමේ අරමුණින් , මහනුවර හන්තාන ශ්රී ධම්මරතන ත්රිපිටක ධර්මායතනයේ ගරුතර ස්වාමීන්වහන්සේලා විසින් පිරිත් සජ්ජායනය කොට එම පිරිත් පැන් ඉසිමින් , මහනුවර ප්රදේශයේ නිවස සදහා ආයුර්වේද ඖෂධ බෙදා දීමේ විශේෂ වැඩසටහනක් මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් (26) ආරම්භ විය. ඒ අනුව මහනුවර මහ නගර සභාව ඉදිරිපසෙන් ආරම්භ වු මෙම වැඩසටහනට සදහා මහනුවර පුරපති , මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සීමිත පිරිසක් ද සහභාගී වී සිටියේය.

Continue reading

කොවිඩ් 19 මධ්‍යම පළාත් කාර්යසාධන බලකායේ විශේෂ සාකච්ඡාවක් මහනුවරදී…

කොවිඩ් 19 මධ්යම පළාත් කාර්යසාධන බලකායේ විශේෂ සාකච්ඡාවක් මහනුවරදී…
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මධ්යම පළාතට අදාළ කඩිනම් ක්රියාමාර්ග ගැනීම කොවිඩ් 19 පළාත් කාර්යසාධන බලකායේ විශේෂ සාකච්ඡාවක් මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්යු ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්රවණාගාරයේදී (16) පැවැත්විය. සෞඛ්ය, ආරක්ෂක ඇතුළු පළාතේ සියලු අමාත්යාංශ සහ දිස්ත්රීක් ලේකම් කාර්යාල නියෝජනයෙන් පැවති මෙම සාකච්ඡාවේදී පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මධ්යම පළාතේ ජනතාවතුල කොවිඩ් 19 වෛරසය ව්යාප්තිය මැඩලිම සදහා වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමුවිය. මෙහිදී පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්ය නිහාල් වීරසූරිය මහතා විසින් වෛරසයේ වර්තමාන තත්වය පිළිබද සහ එහි අවධානම පිළිබදව කරුණු ඉදිරිපත් කිරීම සිදු වු අතර, ප්රඡා වෛද්ය විශේෂඥ (වසංගතවේදී) වෛද්ය සුරංග ප්රනාන්දු මහතා විසින් පළාතක් වශයෙන් වසංගත තත්වය හමුවේ මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් කරුණු විස්තර කිරීම සිදුවිය. මගී ප්රවාහන කටයුතු වලදී සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයන් අනුගමනය නොකිරීම, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ කාර්යබහුලත්වය අයුතු ලෙස භාවිතාකරමින් හෝටල් සහ ආහාර අලෙවිසැල් ආශ්රිතව සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයන් අනුගමනය නොකරමින් ආහාර අලෙවිය, උපකාර පන්ති ආශ්රිතව පවතින ගැටලු කාරී තත්වය, මෘතදේහයන් රදවාගැනීමේදී පවතින ගැටලුකාරී තත්වයන්, වසංගත තත්වය හමුවේ පාසල් පැවැත්වීම සහ විභාග පැවැත්වීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී කාර්යසාධන බලකායේ විශේෂ අවධානය යොමු විය. මෙහිදී සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයන් අනුගමනය නොකරමින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා සහ ව්යාපාරික ආයතන සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වු අතර, එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ සෞඛ්ය ක්රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කරනු ලබන ඕනෑම ව්යාපාරික ආයතනයක් හෝ කර්මාන්තශාලාවක් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන ලෙසයි. එමෙන්ම මගීන් ප්රවාහනයේදී පවතින ක්රමවේදයන්ට වඩා විධිමත් ආකාරයෙන් කටයුතු කිරීමේ කාලීන වැදගත්කම පෙන්වාදුන් ආණ්ඩුකාරවරයා හුදෙක් ප්රකාශ නිකුත් කිරීමෙන් පමණක් මගී ප්රවාහන කටයුතු නිසි සෞඛ්ය ආරක්ෂීත ක්රමවේදයන්ට සිදු නොවන බැවින් වඩා සුපරික්ෂාකාරී සහ එම ක්රමවේදයන් අනුගමනය නොකරන්නන්ට විරුද්ධව දැඩිව නීතිය ක්රියාත්මක කිරීමත් අවශ්ය ව පවතින බව සදහන් කළේය. මෙහිදී ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ පළාත් මගී ප්රවාහන සේවා අධිකාරියේ නියෝජිතයන් වෙත ද ආණ්ඩුකාරවරයා පවසා සිටියේ වෙනදාට වඩා විධිමත් මෙන්ම විමසිලිමත් අයුරින් කටයුතු කර පොදු ප්රවාහන සේවාවන් භාවිත කරන ජනතාව ආරක්ෂා කර ගැනීම සිදුකර යුතුව පවතින බවයි.
 
 
 
 
 
 
 
 
 
 
 

කැකුළු තුරු ජාතික වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී

කැකුළු තුරු ජාතික වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
දිවයිනේ සියලුම පළමු වසරට ඇතුළු වන දරුවන් විසින් පැලයක් රෝපණය කරමින් ලංකාවේ පරිසරයට දායක වෙමින් සිය පළමු පාසල් දිනය සිහිකිරීම සදහා වන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවන කැකුළු තුරු ජාතික වැඩසටහන සාර්ථක ලෙස සංවිධානය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද දින (1) මධ්යම පළාත් ආණඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් මධ්යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විය.
මේ සදහා කෘෂිකර්ම රාජ්ය අමාත්යාංශ ලේකම් අනිල් විජේසිංහ මහතා, මධ්යම පළාත් ආධ්යපන ලේකම් නන්දන ගලබොඩ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
 
 
 
 
 
 
 
 
 
 
 

මධ්‍යම කෝප් සිටි 21 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් ශාඛාවක් ජන අයිතියට පත් කෙරේ.

මධ්යම කෝප් සිටි 21 ක් ඉදිකිරීමේ ව්යාපෘතියේ තවත් ශාඛාවක් ජන අයිතියට පත් කෙරේ.
මධ්යම පළාත තුල කෝප් සිටි වෙළදසැල් 21 ක් නිර්මාණය කිරීමේ ව්යාපෘතිය යටතේ ඉදිකරන ලද පල්ලේකැලේ සුපිරි වෙළදසැල් ශාඛාව මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් ජන අයිතියට පත්කිරීම (9) සිදුවිය. පළාත් ප්රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්යම පළාත් සභාවේ හිටපු නියෝජ්ය සභාපති එස්.බී රත්නායක, පළාත් කර්මාන්ත අමාත්යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් සමූපකාර දෙපාර්තමේන් අධ්යක්ෂ චමිලා අතපත්තු, 11 වැනි සේනාංකයේ සේනාංකාධිපති සාරද සමරකෝන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ කොවිඩ් වසංගත තත්වයේදී ජනතාව සදහා අත්යවශ්ය ආහාර සැපයීමේ ක්රියාවලියේදී සමූපකාර ව්යාපාරයේ ඇති වටිනාකම කැපී පෙනී ගිය බවයි. සමූපකාර ව්යාපාරය ශක්තිමත් කරමින් ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම මෙන්ම සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ සැපයීම අරමුණු කරගෙන මෙම කෝප් සිටි ඉදිකිරීමේ ව්යාපෘතිය ආරම්භ කළ බවත්, නවීන තාක්ෂණය භාවිත කරමින් අදට ගැලපෙන අයුරින් සමූපකාර කාරය නවීකරණය වීම මගින් එම කාර්යක්ෂමභාවය අත්පත් කරගැනීමට හැකියාවක් ලැබෙන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්රකාශ කර සිටියේය.
 
 
 
 
 
 
 
 
 
 
 
 

මධ්‍යම පළාත් ආණ්ඩුකර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් රැකවරණ මධ්‍යස්ථානය ස්ථාපනය සදහා වන මූලික සාකච්ඡාවක්

මානසික රෝග ඇති දරුවන්ට වෙන් වු රැකවරණ මධ්යස්ථානයක් ස්ථාපනය කිරීමට මධ්යම පළාතේ අවධානය යොමු වේ.
මානසික රෝග ඇති දරුවන්ට වෙන් වු රැකවරණ මධ්යස්ථානයක් ස්ථාපනය කිරීමට මධ්යම පළාතේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව මධ්යම පළාත් ආණ්ඩුකර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්රධනත්වයෙන් රැකවරණ මධ්යස්ථානය ස්ථාපනය සදහා වන මූලික සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්රවණාගාරයේදී (12) පැවැත්විය. පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී.රත්නායක, පළාත් සෞඛ්ය අමාත්යාංශ ලේකම් බී.එච්.එන් ජයවික්රම, පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ නිහාල් වීරසූරිය, පළාත් පරිවාස කොමසාරිස් බී.එම්.සී.සී.කේ ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී විවිධ හේතුන් මත මානසික ආබාධයන් සදහා ගොදුරු වන දරුවන් සදහා නිසි අයුරින් ප්රතිකාර කටයුතු සිදුකිරීම සදහා අන් රැකවරණ මධ්යස්ථානයන්ගෙන් වෙන් වු මධ්යස්ථානයක් ඉදිකිරීමේ අවශ්යතාවය පෙන්වාදෙමින් පළාත් පරිවාස කොමසාරිස්වරිය සදහන් කර සිටියේ ඇතැම් දරුවන් ඉතා දරුණු මට්ටමේ මානසික රෝගී තත්වයන්ට මුහුණ දෙමින් සිටින බැවින් ඔවුන් සාමාන්ය රැකවරණ මධ්යස්ථාන වල රදවාගනිමන් ප්රතිකාර කිරීම අපහසු වන බවයි. මහනුවර දෙල්තොට ප්රදේශය තුල ඇති ගොඩනැගිල්ලක් පාදක කර ගනිමින් මෙම රැකවරණ මධ්යස්ථානය ස්ථාපනය සදහා යෝජනා ඉදිරිපත් වු ඒ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවකින් පසු තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා දන්වා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, කුමන හේතුවක් නිසා හෝ මානසික වශයෙන් රෝගාබාධ වු දරුවන්ගේ මානසික මට්ටම තේරුම්ගෙන ඔවුන්ට අන් දරුවන්ටත් වඩා කාරුණිකව සැළකීම ඉතා වැදගත් වන බවයි. ඇතැම් අවස්ථාවන් වලදී පවතින රැකවරණ මධ්යස්ථාන වල පරිසරය මානසික වශයෙන් රෝගී වු දරුවෙක් හට ඉතා අපහසුකාරී වන බැවින්, මෙම රැකවරණ මධ්යස්ථානය ස්ථාපනය කිරීමේදී ඒ සදහා ගැලපෙන පරිසරයක් පැවතීම ද සැළකිල්ලට ගත යුතුව පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.
 
 
 
 
 
 
 
 
 
 

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාර පත්වීම්

“සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශය අත්පොතක් ලෙස භාවිතා කරමින් වඩාත් කාර්යක්ෂම ජනතා සේවයක් ඉටු කළ හැකියි.
මධ්යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාර පත්වීම් ලබාදෙමින් පළාත් ආණ්ඩුකාරවරයා කියයි.
“සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශය අත්පොතක් ලෙස භාවිතා කරමින් වඩාත් කාර්යක්ෂම ජනතා සේවයක් ඉටු කළ හැකි වනු ඇතැයි මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටිනවා. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මධ්යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සදහා තෝරාපත්කරගනු ලැබු නවක කළමනාකරණ සහකාර මහත්ම මහත්මීන් සදහා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්රවණාගාරයේදී පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාව සදහා (1) සහභාගී වු අවස්ථාවේදියි.
2019.12.07 වන දින පළ කරන ලද පුවත්පත් දැන්වීමකට අනුව අයදුම් පත් යොමුකළ 6000කට ආසන්න වු අයදුම්කරුවන් අතරින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 7ක් යටතේ දින 14ක් පුරා සිදුකරන ලද තෝරාගැනීම් පරීක්ෂණ වලින් අනතුරුව 16 දෙනෙක් මෙදින පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගැනීම සිදුවු අතර, නව පත්වීම්ලාභීන් අමතමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ කිසිදු දේශපාලන හෝ වෙනයම් බලපෑම් වලට යටත් නොවී සම්මුඛ පරීක්ෂණ කමිටු සදහා ස්වාධීන ලෙස සුදුසුම පුද්ගලයින් තෝරාගැනීම සදහා අවස්ථාව සළසා තිබු බවයි. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කර සිටියේ රාජ්ය නිලධාරී මහත්ම මහත්මීන් ලෙස එක් වන පුද්ගලයින් රාජ්ය සේවයේ ක්රියාපටිපාටි රාජකාරි සහ විශේෂයෙන් විනය රැකෙන අයුරින් කටයුතු කිරීම අනිවාර්ය වන බවත් එසේ නොවන විටකදී ඔවුන් වෙනුවෙන් තීන්දු තීරණ වලට එළඹීමට තමා නොපැකිලෙන බවත් එම මහතා ප්රකාශ කර සිටියේය. පළාත් ප්රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් මහාමාර්ග අමාත්යාංශ ලේකම් උපාලි රණවක, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අළුත්ගමගේ වීරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වී සිටියේය.
 
 
 
 
 
 
 
 
 
 

නිදහසින් වර්ෂ 73ක් ගතවී තිබුනත් ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම ගැටලුවක් – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ

නිදහසින් වර්ෂ 73ක් ගතවී තිබුනත් ජාතික ප්රතිපත්තියක් නොමැති වීම ගැටලුවක්
– මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ
අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබද අධ්යාපන බලධාරීන් හා පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ හා යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ අධ්යාපන ප්රතිසංස්කරණ අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා ප්රධානත්වයෙන් මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්යම පළාත් සභා ශ්රවණාගාරයේදී (30) පැවැත්විය. එහිදි අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ නිදහසින් වර්ෂ 73ක් ගතවී තිබුනත් ජාතික ප්රතිපත්තියක් නොමැති වීම ගැටලුවක් ව පවතින බවත් ඒ හේතුවේ අධ්යාපන ක්රමවේදය ප්රතිසංස්කරණයට ලක් කිරීම කළ යුතුව පවතින බවයි. විභාග කේන්ද්ර කොටගත් යාන්ත්රික මිනිසෙකු නිර්මාණය කරනවාට වඩා සමබර පෞර්ශයකින් යුත් මිනිසෙකු හෙට ලොවට දායාද කිරීමේ අධ්යාපනය ක්රමවේදයක අවශ්යතාවය පවතින බවත් ආණ්ඩුකාරවරයා මෙහිදි සදහන් කළේය. නගරයේ ගමේ වෙනසක් නොමැතිව ගුරු තුලනයක් පවත්වාගනිමින් සෑම දරුවෙක්ටම සමාන අධ්යාපනයක් ලබාදිය හැකි පරිද්දෙන් ගුරුවරුන් යෙදවීම කාලීනව පවතින අවශ්යතාවයක් වන බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්රකාශ කර සිටියේය.
අධ්යාපන ප්රතිසංස්කරණ අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා අධ්යාපන ප්රතිසංස්කරණය අවශ්යතාව සහ විධිමත් අධ්යාපනික ප්රතිසංස්කරණයක් කිරීමේදී වත්මන් රජය අනුගමනය කරන්නාවූ ක්රමයත් එහිදී වෙනස් වීමට භාජනයනමට නියමිත අංශ පිළිබඳව සභාව දැනුවත් කරමින් සභාව අමතන ලදී.
තවද මෙම අවස්ථාව සදහා මධ්යම පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජරත්න,පළාත් ප්රධාන හා අධ්යාපන අමාත්යාංශ ලේකම් නන්දන ගලබොඩ යන මහත්වරුන්ද ඇතුළු පළාත් අධ්යාපන නිලධාරීන් සහභාගී වී සිටියේය.
 
 
 
 
 
 
 
 
 
 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ.ගමගේ මහතා මහනුවර තෙල්දෙණිය ශ්‍රී රාහුල කනිෂ්ඨ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් එහි වර්තමානය තත්ත්වය සහ පවතින ගැටලු සම්බන්ධව විමසීමට (28) කටයුතු කළේය.

මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ.ගමගේ මහතා මහනුවර තෙල්දෙණිය ශ්රී රාහුල කනිෂ්ඨ විද්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් එහි වර්තමානය තත්ත්වය සහ පවතින ගැටලු සම්බන්ධව විමසීමට (28) කටයුතු කළේය.
 
 
 
 
 
 
 
 
 

අස්ගිරි අනුනායක වේඩරුවේ උපාලි හිමියන්ගේ උපන්දින යේ උන්වහන්සේගේ ඉල්ලීම මත වේඩරුව ගමට පාලමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා අතින් මුල් ගල් තැබේ.

අස්ගිරි අනුනායක වේඩරුවේ උපාලි හිමියන්ගේ උපන්දින යේ උන්වහන්සේගේ ඉල්ලීම මත වේඩරුව ගමට පාලමට මධ්යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා අතින් මුල් ගල් තැබේ.
එම උත්සව සභාව තුළ පොහොසත් නොව බෝසත් දරුවෙකු නිර්මාණය සඳහා අවශ්ය වටපිටාව සැකසීම අවශ්ය බව අස්ගිරි අනුනායක වේඩරුවේ උපාලි හිමියන් වදාළ සේක.
එහිදී අදහස් දක්වමින් මධ්යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා මින් වසර 68කට පෙර අදවන් දුරුතු පසළොස්වක දිනක ජන්ම ලාභය ලද අස්ගිරි අනුනායක වේඩරුවේ උපාලි හිමියන් ගේ ජන්ම භූමියට පැමිණ උන්වහන්සේගේ ඉල්ලීම මත නවීකරණය වන මේ ගමට අත්යවශ්ය පාලම සදහා මුල් ගල තැබීමට මට අවස්ථාව උදාවීම භාග්යයක් කොට සලකමි. ගම දියුණුකරණ මාර්ගය සදහා වන සැබෑ මාර්ගය ගම සමග පිලිසදරක් ඔස්සේ සෞභාග්යය දැක්ම යථාර්ථයක් යටතේ ක්රියාත්මක වන අවස්ථාවේ දේශීයත්වය අගය කරමින් ග්රාමීය ආර්ථිකය වර්ධනය කරමින් සිටින මොහොතේ ගමට අත්යවශ්ය මාර්ගයන්, හා යටිතල පහසුකම් සම්පාදනය සදහා අප පොරොන්දු වන අතර උන් වහන්සේද චිර ජීවනය ප්රාර්ථනා කරනවා.
මධ්යම පළාත තුල නිර්මාණය වෙන පාලම් 250ක් පමණ සිදුවන තවත් එක් පලමක් වන වේඩරුව, වෙළපහල පාලම කෝටි 3 ක් පමණ වෙන්කොට අද මුල්ගල තැබීමේ උත්සවය.
අස්ගිරි අනුනායක වේඩරුවේ උපාලි හිමියන් ඇතුළු ප්රාදේශීය ස්වාමීන් වහන්සේලා, මධ්යම පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජාරත්න මහතා, මධ්යම පළාත් මහාමාර්ග අමාත්යංශ ලේකම් උපාලි රණවක මහතා, මධ්යම පළාත් මාර්ග අධිකාරියේ සභාපති වීරසිංහ අලුත්ගමගේ මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී විය.
 
 
 
 
 
 
 

අස්ගිරි පාර්ශවයේ අනු නායක, පොළොන්නරුවේ සොළොස්මස්ථානාධිපති, මහනුවර ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිගරු වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මධ්යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා උන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ශාසනික , ආගමික , සමාජ සේවය අගය කිරීමට මෙන්ම උන්වහන්සේ සිදුකළ පුණ්ය කර්ම හේතු කොට ගෙන උන්වහන්සේට චිරාත්කාලයක් ආගමික, ශාසන හා සමාජ මෙහෙවර කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමා ගේ සහ අග්රාමාත්යතුමාගේ සුභාශිංසන පිරිනමන ලදි.
මෙම අවස්ථාවට මධ්යම පළාත් ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධිකරණ ලේකම් උපුල් මහින්දරත්න මහතා හා මධ්යම පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
 
 
 
 
 
 
 
 
 
 
 

පළාත් පාලන දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ වැටුම් හා ශ්‍රේණි ක්‍රමයන් (උසස් වීම්) සම්බන්ධව සාකාච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී (27) සිදුවිය.

පළාත් පාලන දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ වැටුම් හා ශ්රේණි ක්රමයන් (උසස් වීම්) සම්බන්ධව සාකාච්ජාවක් මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්රවණාගාරයේදී (27) සිදුවිය.මෙම අවස්ථාව සදහා පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,මධ්යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්,මධ්යම පළාත් රාජ්ය සේවා කොමිෂන් සභා මහත්ම මහත්මීන්ද ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.
 
 
 
 
 
 
 
 
 

ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩසටහනේ මහනුවර දිස්ත්‍රීක් ජීවනෝපාය සංවර්ධන කමිටුව රැස්වේ.

ග්රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩසටහනේ මහනුවර දිස්ත්රීක් ජීවනෝපාය සංවර්ධන කමිටුව රැස්වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්ය දැක්ම” ප්රතිපත්ති ප්රකාශය ඔස්සේ ග්රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩසටහනේ මහනුවර දිස්ත්රීක් ජීවනෝපාය සංවර්ධන කමිටුව මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ , කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ, වාහන නියාමනය, බස් රථ ප්රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම, සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවති අතර, ඒ සදහා මධ්යම පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහනුවර දිස්ත්රීක් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු පළාත් සහ මධ්යම රජයේ නිලධාරීන්ද සහභාගී වීය. මෙහිදී කෘෂි භෝගයන් සදහා ස්ථාවර මිලක් ලබාදීම, වගාවන් සදහා වන සතුන්ගෙන් වන හානිය අවම කිරීම සහ මිණිපේ ප්රදේශය තුල අලි වැට ඉදිකිරීම කඩිනම් කිරීම, අක්කර 5ක ප්රමාණයක වගාවක නිරත ගොවීන් වෙනුවෙන් ලබාදෙන ගිනි අවි බලපත්ර අක්කර 1 ක භූමි ප්රමාණයක වගාකරන්නන් වෙත ලබාදීම, ෆයිනස් වගාව මහනුවර දිස්ත්රීක්කය තුල ඉවත් කර එම ඉඩම් වල කෘෂි භෝග වගා කිරීම, මහනුවර දිස්ත්රීක්කය තුල සංචාරක කර්මාන්තය නගා සිටුවීම සහ සංචාරක නියාමනය සදහා ඡංගම දුරකථන මෘදුකාංගයක් හදුන්වාදීම, දිවයිනේ සංචාරක මධ්යස්ථාන නැවත ලැයිස්තු ගත කරනය සහ අළුතින් හදුනාගත් සංචාරක ආකර්ශනය ගත හැකි ස්ථාන 506ක් සංචාරක කර්මාන්තය සදහා යොදාගැනීම, සංචාරක මග පෙන්වන්නන් සදහා වගාවන් සිදුකිරීමට සහන සැලසීම, දිවයිනේ වැඩිම කිරි ප්රමාණයක් සැපයුම් කරන මධ්යම පළාත තුල කිරි ගොවීන් ශක්තිමක් කිරීම සදහන් වැඩසටහන් සකස් කිරීම ,මල් අලෙවිකරුවන් ශක්තිමත් කිරීම සදහා වැඩසටහන් සම්පාදනය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පවතින ඉඩම් අක්කර 2000 ක් තරුණ තරුණියන් වෙත ලබාදීම මගින් අල, ළූණු, මිරිස් යන භෝග ස්වයංපෝෂිත භෝග ලෙස රට තුලම නිෂ්පාදනය, මහනුවර දිස්ත්රීක්කය තුල පුරන්කුඹුරු අස්වැද්දීම සදහා රුපියල් මිලියන 150ක ප්රතිපාදන මුදලක් වෙන් කිරීම, දිවයින තුල කාබනික පොහොර නිෂ්පාදනය 30%න් වැඩිකිරීම, මිලියන 2000ක වියදමින් මෙරටට ආනයනය කරනු ලබන බීඡ වලින් 80%ක ප්රමාණයක් රට තුලම නිෂ්පාදනය කිරීම සදහා කටයුතු සැලසීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහීදී කමිටුවේ අවධානය ප්රධාන වශයෙන් යොමුවිය. මෙහීදී කමිටුවේදී අදහස් දක්වමින් මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ බතික් වැනි දේශීය කර්මාන්ත සදහා නිසි නියාමනයක් සිදුකිරීම අත්යවශ්යව පවතින බවත්, ඇතැම් අවස්ථාවලදී අතරමැදිකරුවන් 40% කටත් වඩා කොමිස් මුදල් තබා ගැනීම හේතුවෙන්, එම නිෂ්පාදන අලෙවි කිරීම සදහා අපහසුතාවයක් හටගෙන ඇති බවයි. කෘෂිකර්මාන්තය වැනි විෂය ක්ෂේත්රයන්ගෙන් උපාධි ඩිප්ලෝමා වැඩි අධ්යාපන සුදුසුකම් ඇති පුද්ගලයින්හට ව්යවසායකයින් වශයෙන් නැගී සිටීමට අවස්ථාවක් ලබාදීම කාලිනව ඉතා වැදගත් වන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දෙන ලදී .
 
 
 
 
 
 
 
May be an image of one or more people, people standing and indoor
 

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වු තිබු චෝදනා විමර්ශනය සදහා පත් කළ කමිටුවේ වාර්තාව මධ්‍යම ආණ්ඩුකාරවරයාට භාර දේ.

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වු තිබු චෝදනා
විමර්ශනය සදහා පත් කළ කමිටුවේ වාර්තාව මධ්යම ආණ්ඩුකාරවරයාට භාර දේ.
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහතාට විරුද්ධව ඉදිරිපත් වු තිබු චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සදහා මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කරන ලද ස්වාධීන කොමිෂන් සභාව මගින් අදාල විමර්ශන කටයුතු වලින් අනතුරුව එම ස්වාධීන කොමිෂන් සභා වාර්තාව විශ්රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත භාරදීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (25) සිදුවිය. පළාත් පාලන ආයතන වල විනය පවත්වා ගැනීම අරමුණු කර ගනිමින් තමා තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවර්යා සම්බන්ධයෙන් මෙම විනය ක්රියාමාර්ග ගත් බවත්, එය අනෙකුත් පළාත් පාලන ආයතනයන් සදහා පුර්වාදර්ශයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා සදහන් කළේය. කෙටි කාලයක් තුලදී නිවැරදි ලෙස විමර්ශන කටයුතු සිදුකරමින් මෙම ස්වාධීන කමිටුව අපක්ෂපාති ලෙස මෙම කඩිනම් වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා ස්වාධීන කමිටුව වෙත සිය ස්තූතිය ඵල කරමින් වැඩිදුරටත් සදහන් කර සිටියේ මෙවන් තීරණ ගැනීමෙන් පසු ඇතැමුන් තමා වෙත චෝදනා එල්ල කරනු ලැබුවත්, මෙවැනි ක්රියාමාර්ග අනුගමනය කිරීම මගින් අනෙකුත් පළාත් පාලන ආයතනයන්හී මෙවැනි සිද්ධීන් ඇතිවීමට පවතින ඉඩකඩ අවම කරගැනීමට හැකිවනු බවයි.
 
 
 
 
 
 
 
 
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩසටහනේ නුවරඑළිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්ය දැක්ම” ප්රතිපත්ති ප්රකාශය ඔස්සේ ග්රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩසටහනේ නුවරඑළිය දිස්ත්රීක් ජීවනෝපාය සංවර්ධන කමිටුව මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ , වනජීවී අමාත්ය සි.බී රත්නායක, සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග , නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී දිසානායක , ප්රවාහන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම , පසුගාමී ග්රාමීය ප්රදේශ සංවර්ධන සහ ගෘහාශ්රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්රවර්ධන රාජ්ය අමාත්ය එස්. වියාලේන්ද්රන් , වතු නිවාස හා ප්රජා යටිතල පහසුකම් රාජ්ය අමාත්ය ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ගේ සහ නුවැරළිය දිස්ත්රික් ලේකම් එම්.ඩි.ආර්. පුෂ්පකුමාර මහතා ඇතුළු රාජ්ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නුවරඑළිය දිස්ත්රීක් ලේකම් කාර්යාලයේදී (26) පැවැත්විය. මෙහිදී නුවරඑළිය දිස්ත්රීක්කය තුල පවතින ඉඩම් ගැටලු නිරාකරණය කිරීම, නුවරඑළිය දිස්ත්රීක්කය තුල පාංශූ සංරක්ෂණ වැඩපිලිවෙලක් ක්රියාවට නැංවීම සහ ඒ සදහා රුපියල් මිලියන 10ක ප්රතිපාදන වෙන්කිරීම, සමෘද්ධි පවුල් සදහා ආධාර වලින් ඔබ්බට ගිය ආර්ථික ක්රමෝපායක් ස්ථාපනය කිරීම, නුවරඑළිය දිස්ත්රීක්කය තුල කාන්තාවන් 25,000ක් ව්යවසායකයින් ලෙස නගා සිටුවීම, මිශ්ර පොහොර මගින් පසට වන හානිය වලක්වාලමින් නිසි ප්රමිතියෙන් යුතු පොහොර සපයාදීම. පශූ සම්පන් කර්මාන්තය නගා සිටුවීම සදහා පියවර ගැනීම සහ කිරි ගව පාලනය සදහා සත්ව සංවර්ධන උපදේශකවරුන් කඩිනමින් බදවාගැනීම සදහා කටයුතු සැලසීම වැනි කරුණු සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු විය.
 
 
 
 
 
 
 
 
 
 
 

මධ්‍යම පළාත් කළමනාකරණ සහකාර සේවයට නවක ‍නිලධාරීන් 182ක් පත්වීම් ලබාගනී

මධ්යම පළාත් කළමනාකරණ සහකාර සේවයට නවක නිලධාරීන් 182ක් පත්වීම් ලබාගනී
මධ්යම පළාත් කළමනාකරණ සහකාර සේවය සදහා 2020 වර්ෂයේ පැවති විවෘත තරග විභාගයකින් අනතුරුව තෝරා පත්කරගත් මහත්ම මහත්මීන් 182ක් සදහා පත්වීම් ලිපි ප්රදානය කිරිම මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්රවණාගාරයේදී (23) සිදුවිය.
ඒ අනුව මහනුවර දිස්ත්රීක්කය සදහා පත්වීම් 98ක් , මාතලේ දිස්ත්රීක්කය සදහා පත්වීම් 33ක්, නුවරඑළිය දිස්ත්රීක්කය සදහා පත්වීම් 38ක් සහ විශේෂ අවශ්යතා පදනමෙන් පත්වීම් 03ක් ලබාදීමට නියමිත අතර, පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සංකේතාත්මක ලෙස 100 දෙනෙකු සදහා මෙදින පත්වීම් පිරිනැමිම සිදුවු අතර, නව පත්වීම්ලාභීන් අමතමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් සිටියේ 6000කට අධික පිරිසක් අතරින් මෙලෙස තේරී පත්වු නව පත්වීම්ලාභීන් බොහෝ පිරිසක් පළාත් පාලන අයතනයන්හී සේවය සදහා යෙදවීමට නියමිත බවත්, එමගින් වඩාත් හොද ජනතා සේවයක් ඉටු කිරීම සදහා අවස්ථාව සැලසෙන බවයි. ජනතා මුදලින් වැටුප් ලබන්නන් වශයෙන් ජනතාව සදහා ලැදිව ආදරයෙන් කටුයතු කිරීම වැදගත් වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්ය දැක්ම” ප්රතිපත්ති ප්රකාශ අනූකූලව රට සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙලේදී මෙම නව පත්වීම් ලාභීන්ටද විශේෂ වගකීමක් පවතින බවත් රාජ්ය සේවය සම්බන්ධයෙන් ජනතාව තුල යහපත් ආකල්ප ඇතිකිරීම සදහා කාර්යක්ෂම සේවාවක් නව පත්වීම්ලාභීන් ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
මෙම අවස්ථාව සදහා පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,පළාත් අමාත්යාංශ ලේකම්වරුන් සහ මධ්යම පළාත් රාජ්ය සේවා කොමිෂන් සභා ලේකම් ඩබ්.දයානන්ද යන මහත්ම මහත්මීන්ද ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.
 
May be an image of 1 person, sitting, standing and foodMay be an image of 2 people, people standing and food
 
 
 
 
 

පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනාගාරය

පළාත් හස්ත කර්මාන්ත ප්රදර්ශනාගාරය
මධ්යම පළාතේ විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ භාණ්ඩ අලවියට අවස්ථාව ලබා දීම සඳහා ගැටඹේ කර්මාන්ත අමාත්යංශ පරිශ්රයේ ස්ථාපිත කොට ඇති “මැදරට හස්ත කර්මාන්ත ප්රදර්ශනාගාරය” මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
පළාතේ ක්රියාකාරී හස්ත කර්මාන්ත ශිල්පීන් 137 දෙනෙකුගේ විවිධ භාණ්ඩ මෙම ප්රදර්ශනාගාරය තුළ ප්රදර්ශනයට තබා ඇති අතර අලෙවි අවස්ථාද හිමි වේ. එහි අලෙවි ආදායම මාසිකව අදාළ කර්මාන්ත ශිල්පින් වෙත බෙදා දෙනු ලබ යි.
පළාත් කර්මාන්ත අමාත්යංශයේ අධීක්ෂණය යටතේ පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්යපෘති ප්රවර්ධන දෙපාර්තමේන්තුව යටතේ මෙම ප්රදර්ශනාගාරය පවත්වාගෙන යනු ලැබේ.
 
 
 
 
 
 
 
 
 
 
 

දේශීය ව්‍යවසායකයින්ට අන්තර්ජාතික වෙළදපොලට ප්‍රවේශවීම සදහා අවස්ථාවක් සළසනවා. – මධ්‍යම ආණ්ඩුකාර ලලිත් යු ගමගේ කියයි.

දේශීය ව්යවසායකයින්ට අන්තර්ජාතික වෙළදපොලට ප්රවේශවීම සදහා අවස්ථාවක් සළසනවා.
– මධ්යම ආණ්ඩුකාර ලලිත් යු ගමගේ කියයි.
වර්තමානය වන විට දේශීය කර්මාන්තවල නියැලෙන ව්යවසායකයින් හට අන්තර්ජාතික වෙළදපොලට ප්රවේශවීම සදහා අවස්ථාවක් සළසා දීම මගින් ඔවුන්ගේ නිෂ්පදාන සදහා හොද මිලක් ලබාදීම සදහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බව මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසනවා. එම මහතා මේ බව සදහන් කර සිටියේ මධ්යම පළාතේ අඩු ආදායම් ලාභී ව්යවසායකයින් සහ කාන්තා ව්යවසායකයින් දිරිගැන්වීම සදහා මධ්යම පළාත් කර්මාන්ත අමාත්යාංශ පරිශ්රයේ (20) පැවති ප්රග්ධන උපකරණ බෙදා දීමේ වැඩසටහනේ ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අවස්ථාවේදීයි. මෙහිදී රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් ප්රග්ධන භාණ්ඩ ප්රතිලාභීන් 131 දෙනෙකු සදහා බෙදා දීම සිදුවු අතර, අධිවේගී මහන මැෂින් 16ක්, විදුලි උදුන් 18ක්, ඔවර්ලොක් මැෂින් 30ක්, රූපලාවන්යගාර පුටු 06ක්, සාමාන්ය මහන මැෂින් 9ක් ද එම උපකරණ අතරට අයත්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ “සෞභාග්ය දැක්ම” ප්රතිපත්ති ප්රකාශය ඔස්සේ ග්රාමිය ආර්ථිකය සංවර්ධනය කිරීම සදහා විශාල ආවධානයක් යොමු ව ඇති බවත් ඒ ඔස්සේ 2021 අයවැය මගින් ග්රාමිය ආර්ථිකය නගා සිටුවීම මගින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ප්රමුඛතාවයක් ලබා දී ඇති බවයි. මෙම උපකරණ බෙදා දීමේ අවස්ථාව සදහා පළාත් කර්මාන්ත අමාත්යාංශ ලේකම් මධුපාන පියසේන, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී හිටපු මධ්යම පළාත් සභා නියෝජ්ය සභාපති එස්.බී.රත්නායක, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්යක්ෂ සමීර රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියේය. ප්රග්ධන උපකරණ බෙදා දීමෙන් අනතුරුව පළාත් කර්මාන්ත අමාත්යාංශ පරිශ්රයේ ස්ථාපිත බතික් රෙදිපිළි අලෙවිසැලද ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
 
 
 
 
 
 
 
 
 

2021 වර්ෂයේ වඩාත් සඵලදායී ජනතා සේවයක් මධ්‍යම පළාත තුල ස්ථපිත කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්….

2021 වර්ෂයේ වඩාත් සඵලදායී ජනතා සේවයක් මධ්යම පළාත තුල ස්ථපිත කිරීම සදහා
මධ්යම ආණ්ඩුකාරවරයාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්….
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්ය දැක්ම” ප්රතිපත්ති ප්රකාශයානුකූලව 2021 වර්ශයේදී ජනතාව සදහා කාර්යක්ෂම මෙන්ම සඵලදායී ජනතා සේවයක් ඉටු කිරීම සදහා වන සැලසුම් සාකච්ඡා කිරීම සදහා විශේෂ හමුවක් මධ්යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (11) කැඳවා තිබුණි. ඒ අනුව පළාත් ප්රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් සහ පළාතේ සියලු අමාතාංශ හා ආයතනයන්හී ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර පිිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්රවණාගාරයේදී පැවැති මෙම සාකච්ඡාවේදී 2020 වර්ෂයේදී පළාත් සභාවේ අමාත්යාංශ වල සහ ඒ හා අනුබද්ධිත වෙනත් ආයතනයන්හී ප්රගතිය සමාලෝචනයට ලක්කරමින්, 2021 වරශයේදී උපරිම ජනතා සේවයක් ඇතිකිරීම සදහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහීදී කරුණු සාකච්ඡා විය. මෙහීදී ආණ්ඩුකාරවරයා සිය අදහස් දැක්වීමේදී සදහන් කළ සිටියේ පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ වූවද, පළාතේ ජනතාව රජයෙන් බලාපොරොත්තු වන සේවාවන් හැකි උපරිම කාර්යක්ෂමතාවයකින් සැපයීම කළ යුතුව පවතින බවයි. ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්රයන් සදහා විධිමත් සැලසුම් ඔස්සේ ක්රියාත්මක වෙමින් කටයුතු කාර්යක්ෂම අයුරින් පවත්වා ගැනීම සිදු කළ යුතුව පවතින බවත්, මහජන මුදල් නිවැරදි ලෙස පළාත තුල භාවිතා කිරීම තුළින් හා එහි ප්රශස්ථ පාලනය මගින් බලාපොරොත්තු වන ප්රතිලාභ අත්කර ගැනීම මත ජනතාව තුල රාජ්ය සේවය කෙරෙහි විශ්වායක් ඇති කිරීමේ අවශ්යතාවයක් පවතින බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා සිය අදහස් දැක්වීමේදී ප්රකාශ කර සිටියේය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්යම පළාත් සභාවේ හිටපු නියෝජ්ය සභාපති එස්.බී.රත්නායක, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, ආණ්ඩුකාර මාධ්ය ලේකම් මහීශ්වර කිරිඳිගොඩ යන මහත්වරුන් ද එක්ව සිටියේය.
 
 
 
 
 
 
 

මහනුවර නව ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරයා වශයෙන් පත් වු රාකේශ් නටරාජ් (Mr. Raakesh Natraj) මහතා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (11)හමුවිය.

මහනුවර නව ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරයා වශයෙන් පත් වු රාකේශ් නටරාජ් (Mr. Raakesh Natraj) මහතා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (11)හමුවිය. මෙහිදි නව සහකාර මහ කොමසාරිස්වරයා සහ මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද සාකච්ඡාවක් පැවති අතර, එහිදි දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා විය. සාකච්ඡාවෙන් අනතුරුව මෙරටේ මිත්රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
 
 
 
 
 
 
 
 
 
233
People Reached
17
Engagements
Boost Post
 
<img class="j1lvzwm4" src="data:;base64, ” width=”18″ height=”18″>
15
 
 

රටට දැයට හිතැති පිරිසක් බිහිකිරීමට ගුරුවරුන්ට විශාල කාර්‍ය්භාරයක් පැවරෙනවා. – ඩිප්ලෝමාධාරී ගුරු පත්වීම් ප්‍රධානය කරමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා පවසයි

රටට දැයට හිතැති පිරිසක් බිහිකිරීමට ගුරුවරුන්ට විශාල කාර්ය්භාරයක් පැවරෙනවා.
– ඩිප්ලෝමාධාරී ගුරු පත්වීම් ප්රධානය කරමින් මධ්යම ආණ්ඩුකාරවරයා පවසයි
දිවයිනේ පුරා විහිදී තිබෙන ගුරු විද්යාල මගින් අධ්යාපන ඩිප්ලෝමා පාඨමාලා සම්පූර්ණ කර, මධ්යම පළාත් අධ්යාපන සේවය සදහා අනියුක්ත කළ ගුරු මහත්ම මහත්මීන් සදහා පත්වීම් ලිපි ප්රදානය කිරීම මධ්යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් මහනුවර ධර්මරාජ විද්යාලීය ශ්රවණාගාරයේදී සිදුවිය . සිංහල මාධ්යයෙන් 130ක් දෙමල මාධ්යයෙන් 173ක් සහ ඉංග්රීසි මාධ්යයෙන් 48ක් වන පරිදි නව ගුරු මහත්ම මහත්මීන් 351 දෙනෙකු මෙහිදී පත්වීම් ලිපි ලබාගත් අතර, පත්වීම් ලිපි ලබාදීමේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, රටේ අනාගතය භාර ගැනීමට සිටින අද දවසේ සිසු පරපුර යහපත් ආකල්ප වලින් පිරිපුන් රටට දැයට හිතැති පිරිසක් බවට පත්කිරීමට සුවිශේෂී කාර්ය්භාරයක් ගුරුවරුන් වෙත පැවරෙන බවයි. ගුරුවරුන් වශයෙන් අද පත්වීම් ලැබ හෙට දිනයේ සිට විවිධ හේතු ඉදිරිපත් කරමින් ස්ථාන මාරුවීන් ඉල්ලුම් කිරීම නොකරන ලෙසත් මෙහිදි ආණ්ඩුකාරවරයා සිය අදහස් දැක්වීමේදී සදහන් කළේය
පළාත් ප්රධාන ලේකම් ගාමිණි රාජරත්න , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න , පළාත් ප්රධාන හා අධ්යාපන අමාත්ය නන්දන ගලබොඩ , ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න , යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.